කැපුනු කෙටුනු අතීතයක සිරවුනු
සිතුවිලි අමෝරා එන කඩු කිනිසි
නිසා හැරී බලනු මනුශ්‍යත්වය
දෙස දැන්වත්
පාරදෘෂ්‍ය නොවූ පටලයේ රස
විදි, මතට ලොල් වූ මොහොතක
විවර වූ දදසක් පවසයි
මෙලසින්
හැඩ නගා, අරෝර වැටෙන
වැස්සේ තෙමුනු පරාර්ථකාමි
නොවූ ඉස්ගෙඩියෙක්
තරම් වත් මොලගෙඩියක්
නැති හුදකලා වක බැව්
නොදත් පහත් මායාවක
වෙලුනෙමි.
Comments
Post a Comment