ගන්ධබ්බ ඝාතනය



අර්ධ පාරගම්‍ය පටලයක පැටලුනු නිරුවත ලිහා දැමීමට,හුදු සැරසිල්ලෙන් විකසිත නොවී බිම පය නොගැසූ සොයුරු සොයුරියන් ගැනද මේ ගන්ධබ්බ ඝාතනය..

නැත.මා ඇස යොමන්නේ මදක් වෙනස් වූ රාමුවකටය.කෝ මේ සිතුවිලි?එය කල්පනා කලහොත් " මොකක්ද ?" යන්න සිතට නැගෙනු ඇත.එහෙත් එයද සිතුවිල්ලකි.අඞහැර යුගයෙන් මඩගා ගෙන රදළ පන්තිය පරදා කල්පාන්තය සමීපයටම පැමිණ ඇත්තේ අප අතුරෙන් සමහරෙක් සිතට නැගුනු සිතිවිළි ක්‍රියාවට නැගීමෙනි.
එසේනම් නැවතත් මාතෘකාවට පිවිසෙමු.මොහොතකට සිතන්න ඔබට කළහැකි දේජීවිතය තුළ ඔබව අගය කළ අවස්ථාවන්..ඔබ දක්ෂතා පෑ අවස්ථාවන්..ඇතැම් විට එය කපටිකමක් වුවද විය හැක.එහෙත් සිතන්න  සියල්ල එදා සිට අපට ආවේනික වූ ශරීර අවයව මෙන් පැවතියේ නැතිද?

අප අද කොහිද?කරන්නේ කුමක්ද?හැකියාවන්ට අප අතින් විය යුතු වගකීම ඉටුකළේද?සිතීමට උපතින්ම නොහැකි අය අතර අණුවන අදහස් දරන උන් අද සමාජයේ වැජඹෙන්නේ පතාක යෝධයන් මෙනි.
 නිසාවෙන් අපට කළහැකි දෙයක් ඇත.කළ නොහැක්කක් නොමැත.සියල්ල පන ගන්වන්නේ අප හදවත නොවේද?හදවතට කතා කරන්නට ඉඞ දෙන්න එය සමහරවිට අලුත් දෙයක් නැතත් පරණ දෙයක්වත් වෙනස් විදියකට කරන්න කියාදේවි.වෙනස්වීම ගැන නොසිතන්න.මන්ද වෙනස් වීමත් වෙනස්විය යුතුය ලෝක පැවැත්මට.එමනිසා තවම නුපන් හීනය නොමරන්න..

Comments

  1. වගකීම් යම් තාක් දුරට ඉටුකලද,එය ප්‍රමාණවත් ලෙස, නිසි ආකාරයෙන් සිදු නොකලෙමි.

    ReplyDelete

Post a Comment