ආදරේ දැනෙන ඒ එකම තැනත් නැතිවුනානම් මොහොතකටවත් මේ බැඳීම් එක්ක කල්ගෙවන්නෙ නෑ...


මාගේ ජීවිතය මා විසින්ම කාලකණ්නි කර ගතිමි.හේතුව ලෙස තවතෙකුට ඇඟිලි දිගු කිරීම වැරදිය.මා කළ දෙය කාටවත් වඩා හොඳින් දන්නේ මමය.එම නිසා තවදුරටත් මම අහින්සකයෙක් නොවෙමි.

මා මේ ජීවිතයේ තවදුරටත් රැඳෙමින් වැරදි හදාගත යුතුද?
නොඑසේ නම් සියල්ල අතහැරදැමිය යුතුද?

එය එසේනම් අත්හරින්නේ ලෞකික ජීවිතයද?

මා මෙතෙක් කල් මාගේ දෙමව්පියන්ට ආදරේ කලද අතීතය හා වර්තමානයේ ගැටුමෙන් තවමත් එය එසේද යන්න සිතට සැක ගෙනහැර පාන්නකි.ඔවුන්ගේ කැමැත්තට ජීවත් වීමේදී හුස්ම ගතයුත්තේද ඔවුන්ගේ මනාපයටය.මෙයට කර්මය හා පුනර්භවයේ කිසියම් හිතවත් කමක් ඇති බැව් මට දැන් ප්‍රතයක්ෂයය.
කෙසේවෙතත් මා සෑහෙන අකුසල කරගෙන ඇති බැව් හැඟෙන්නේ අද මේ පෝයට බණ ඇසෙන විටය.ගෙයින් පිටතටවත් නොයා සිටින්නේ අවසාන වරට හෝ එසේ සිටීමෙන් ඔවුන් සතුටු කිරීමට පමණි.බාගදා ඔවුන් තම දරුවන් හා මීට වඩා මදක් හෝ සුහද වූවානම්..මා මෙය නොලියමි.මෙය ලිවීමේ මුඛ්‍ය පරමාර්තය හුදු පාඨකයාගේ අවවාද සඳහා නොවන බවත් එය මා මෙන් තවතෙකු බිහි නොවනු පිණිස ඔබට ගෙනහැර පාන්නෙකි.කය,වචනය සංකර වු මාගේ සිතට දැනෙන දේ මා මුඛයෙන් පිටවන්නේ අත්බෝම්බ ගසන්නාක් මෙනි.මාගේ මේ ජීවිතයට තිත තැබීමට මා කෙතරම් ආශා කළද හදවතේ එක් සියුම් වූ තැනක දලුදමා ඇති ආදරයක් නිසා ජීවිතයේ තවමත් සිටියි.අතපය කපාගෙන,වස බීම යෝග්‍ය නොවන්නේ එබැවිනි.

ඒහෙත් මාගේ සිතට යමක් තදින් දැනී ඇත.ඒ මේ අස්ථීර වු ලෞකික ජීවිතයෙන් මිදීමටය.මතු මතුත් මෙලෙස අසමජ්ජාතියකු ලෙස නොඉපිද සිටීම නුවණැතිය.මෛත්‍රිය වැඩීම තරම් සුගති වු දෙයක් තව නැතැයි මට දැන් සිතෙයි.

මා මේ ලියූ දෙය බහුතරයකට අර්‍රථශූන්‍ය වුවද ලිවීම මා සිතට ගෙනදෙන්නේ සහනයකි.හෙට දවස කෙබඳු වුවද මා මතු දිරිගන්නේ හදවතින්ම මේ ලෞකික ජීවිතයෙන් අත්මිදීමටය.නොතේරෙන අයකුට විකාරයක් බඳු වු මෙහි ලියවී ඇත්තේ යමකුගේ හෘද සාක්ෂියක ලියවුනු දෙයක් බව මොහොතකට සිතනු මැනවි..

Comments

  1. මලේ බ්ලොගය හරිම ලස්සනට සකසලා තියනවා.වැඩිය වැඩ කෑලි දාල අච්චාරු කරගන්න එපා.අපට එහෙම වෙලා.සමහර දේවල් දැන් අයින් කරන්න බෑ.
    ඔබේ ලියැවිල්ල හොඳයි.ආත්ම කතනයෙන් ඔබ්බට පියවරක් තියල තව අලුත් දෙයක් ගැනත් හිතමු. ඒ අතරට ඔයාගේ ආත්ම කතනයත් එක් කරන්න. ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි..ලොකු හයියක්..

      Delete
  2. බොහොම සත්‍ය කතාවක්..

    ReplyDelete
  3. කියා ගන්න බෑරි ගොඩක් දේවල් අපි කාටත් තියෙනව.ඒව අපි කාටවත් කියන්නෙ නෑත්තෙ ඒව අපිට විතරක් උන දෙවල් කියල හිතාගෙන. ඒත් මේවගේ ලියන එක නිසා හිතේ තියෙන ආතතිය අඩු කරගන්න පුලුවන් වෙනව වගේම මේක කියවන සෑම එකෙක්ටම තමන්ගෙ ජිවිතේට ගන්න පොඩිහරි දෙයක් තියෙනව. දිගටම ලියපන්...

    ReplyDelete
  4. මේකට comment කරනේ කොහොමද කියල මම විනාඩි 10 විතර හිතල බැලුවා.හිතල බැලුව නෙමේ.ඇත්තටම දන්නෙම නැතුව මේක දිහා ගොඩක් වෙලා මම බලන් ඉදලා.විනාඩි 10ක් කිව්වට කොච්චර වෙලාද කියන්න මම දන්නේ නැහැ.දල වශයෙන් විනාඩි 10 ත් 15 ත් අතර කාලයක්..ම්ම් හ්ම්ම්ම් .....

    ReplyDelete

Post a Comment