වරදෙහි මුල රසයි,අග තිත්තයි...


ආදරෙන් බැඳුනු
හැඟීමට යටවුනු
සොඳුරු වු වේදනා 
රසවත්ය තවමත්

කොහිද ඔබ රාගය
කොහිද ඔබ මත්බව
නිවාලන්නට
අද දැවෙන ගින්දරින්

පාලුවකි ඇත්තේ 
සැපයේ වියෝවෙන්
දිවි බඳුන හිස්විය
ලකුණ ඔබ ගැබිගෙන

හැඟුනත් පැවසුවත් දැනුනත් කටුක බව
හැරුනි එය සැපයකට මක්නිසා නොදනි මම
ජීවිතය සුන්දරයි කියු අය අද නොමැත
තිත්ත වූ මුල් රසය ඔබ තවම දඩබ්බර

Comments

Post a Comment