ලෝක ධර්මතාවය හා සමාජ සම්මුතිය



මොහොතකට මෙය සිතෙන් විමසන්න. සිතට එකවර නැගුණු උදාහරණය මා මෙය ලියූ පෑනයි. පෑන යනු භෞතික වස්තුවකි. එය කෙසේ වෙතත් එය පෑන් බටය , පෑන් විල්ල , තුඩ , ආවරණය එකිනෙක වෙනකළහොත් එයට තවදුරටත් පෑනක් කිව හැකිද? එය පෑනක් වීමට එය කලින් තුබූ තත්වයට එකිනෙක සවි කළ යුතුය. මා මෙකි උදාහරණය පැහදිලි නම් කීමට තැත් කරන දෙය අනිවාර්යයෙන් වැටහෙනු ඇත.ඔබ සිතනවා ඇති ලෝක ධර්මතාවය හා සමාජ සම්මුතියට පෑනක් ඇඳුනේ කෙසේද යන්න. පැහදිළි වෙවි.

දැන් මම සහ මගේය යන සංකල්පයට පිවිසෙමු.කෙසේද දෙයක් මගේ විය හැක්කේ? එය මට අයිති , මා මිළට ගත් යමක්, නිර්මාණය කල යමක් නිසා යන්න ඔබේ සිතට දැනෙනු ඇත. ලෝකය නිර්මාණය වී ඇත්තේ අප අසා ඇති සර්වබලධාරී දෙවියන් විසින් හෝ වෙනත් කිසියම් බ්‍රහ්මයෙකු නිසා නොවන බැව් විද්‍යාව නිසාවෙන් අද අපි දනිමු.බුදු දහමෙහි එන පරිදී සයක් වූ ධාතුන් ගැන අසා ඇත්ද?
 ධාතුන් ලෙස මා මෙහිදී අර්ථකතනය කරනුයේ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ගැන නොව ලොව නිර්මාපක බලවේග වන ධාතූන් සයක් පිළිබඳවය.

එය - පෘතුවි ධාතුව ( පෘථිවිය ) , ආපෝ ධාතුව ( ජලය ) , තේජෝ ධාතුව ( ගින්න ) , වායෝ ධාතුව ( සුළඟ ) , ආකාශ ධාතුව ( ඉරිගැසිය නොහැකි ) හා විඥාන ධාතුව ලෙස වර්ග වේ. ධාතු යනු කිසියම් සත්වයකු හෝ පුද්ගලයකු යන ස්වභාවයේ නොපවතින දෙයකි. උදාහරණය මෙන්ම මෙයත් ධාතුන්ගේ එක්වීමෙන් හටගනියි. මේ ධාතු එක්වීමෙන් පන්ච උපාදනස්කන්ධය හටගැනීමට හේතු වේ. එය රූප , වේදනා , සඤ්ඤා , සංඛාර හා විඥානයයි. මෙය එක්ව පැවතියේ නැතිනම් මම කියා දෙයක් නැති බව දැන් ප්‍රත්‍යක්ෂද? සිතන්න.

නාම රූප යනු කුමක්ද? නාම රූප යනු දෙකකි. රූපය යනු මේ පන්ච උපාදනස්කන්ධය නිසාවෙන් හටගන්නා වූ රූපයයි. එය හඳුන්වන නම නැතහොත් නාමය මෙම නාම යන්නෙන් අදහස් වේ. මෙය ලෝක ධර්මතාවයයි.
ලෝක ධර්මතාවය එවැන්නක් නම් මොකක්ද මේ සමාජ සම්මුතිය? අභ්‍යන්තර ගුණ වගාවෙන් බොහෝ දුරට ඔබ්බට ගිය අපට මේ සමාජය හා සම්බන්ධ වීමේදී පවුලක් කියා දෙයකට අපට අරෝපණය වීමට සිදුවේ.එය මව , පියා , සහෝදර සහෝදරියන් , බිරිඳ , දරුවන් , නෑදෑයින් ලෙස වර්ගීකරණය වේ. එය යහපත් දෙයක් වනුයේ එය මෙම සමාජ රටාව තුල අපට වගකීම් හා යුතුකම් යන බන්ධනයකින් බැඳ නිවැරදි ජීවන රටාවකට යොමු කරති. එහෙත් බොහෝවිට නුතන සමාජය වරදෙහි ඇලෙන්නේ පෙරකී පන්ච උපාදනස්කන්ධය පිනවීම නිසාවෙනි.

එහෙත් අපට ලෝක ධර්මතාවය තේරුම්ගෙන ඒ හරහා විචක්ෂන බුද්ධියෙන් හෝ සිතෙන් විමසා බැලීමෙන් අප සැමදා දුටු ලෝකයට වඩා අධ්‍යාත්මික සුගතියකින් පිරි බැඳීම් වලින් නිදහස් වූ ලොවක් පෙනෙනු ඇත. අප බැඳීම් සහිතව විසූ කිසිවෙක් හෝ කිසිවක් සදාකාළික නොවන බව මෙතෙක් සිතුනාද? එය එසේ නොවන්නේ නම් එය අපට අවනත විය යුතුය. එහෙයින් මෙකී ලොක ධර්මතාවය පදනම් කරගනිමින් සමජය දෙස බැලීමෙන් ඔබගේ ඇස හා බුද්ධිය දියුණුවනවා සේම ඉන් මෙළොව ඇති නීරස බව , අස්ථිරත්වය නැතහොත් සදාකාලික නොවන විඳින විඳවන හැඟීම් වලින් ලැබෙන තාවකාලික රසයට තවදුරටත් වහල් විය යුතුද යන්න ස්වකීය බුද්ධිය පදනම් කරගෙන වටහාගත හැක.

මෙය මා පොත පතින් හා ධර්මය ඉගෙනගැනීම තුලින් ලබුවා වූ දැනුමක් වන අතර එය තවත් පෘතක්ජන පුද්ගලයකුට ලබාදීම තුළින් පාඨකයාගේ ගුණ නුවණ සේම මෙතෙක් නොබැලු ආකාරයෙන් ලෝකය දෙස බැලීමට දෙන පූර්ව මග පෙන්වීමකි. එය තවතෙකුට කියාදෙන්නේ නම් යහපති.

Comments

Post a Comment